ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමවෙයි.

 


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද නිමාවුණේ ජය පරාජයෙන් තොරවයි.

තරගයේ පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබාගත් ලකුණු 495ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 485ක් ලබාගත්තේය.

තරගයේ දෙවනි ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06 කට ලකුණු 285ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 296ක ඉලක්කයක් හිමිවුණි.

කෙසේවෙතත් තරගයේ පස්වන සහ අවසන් දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලබා සිටී ලකුණු සංඛ්‍යාව 72කි.

එහිදි නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ නජ්මුල් හුසේන් සැන්ටෝ ඉනිම් දෙකෙදීම ශතක වාර්තා කරන්නට සමත් වුණි.

අද තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියෙන් සමුගත්තේය.

Post a Comment

0 Comments