කොළඹ පුරපති සටනට සජබයෙන් රීසා සරූක්?


කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සටනට සමගි ජන බලවේගයෙන් රීසා සරූක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඒ සඳහා විපක්ෂයේ සියලු පක්ෂවල එකගතාව ඊට ලැබී ඇති බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.

සිය පක්ෂයෙන් කොළඹ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන පුද්ගලයාව අද දිනයේ නිවේදනය කරන බව සමගි ජන බලවේගය පවසනවා.

මේ අතර මෙතෙක් බලය පිහිටුවා නොමැති පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කර ගැනීම සඳහා විපක්ෂ පක්ෂ කිහිපයක් අතර පොදු එකඟතාවය ඇතිව තිබේ.

එහිදී කොළඹ මහ නගර සභාවේ බලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගෙන තිබේ.

ඒ අනුව නගරාධිපති ධුරය සමගි ජන බලවේගය වෙත ලබාදීමටත් නියෝජ්‍ය නගරාධිපති ධුරය එකසත් ජාතික පක්ෂය වෙත ලබාදීමටත් එකඟතාවයක් ඇති කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාතික ජන බලවේගය විසින් සිය නගරාධිපති ලෙස නම් කර ඇත්තේ රායි බ්‍රැල්තසාර් ය.


Post a Comment

0 Comments