ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම හරහා රුපියල් බිලියන 3.7ක ආදායමක් උපයාගෙන තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ 2024 කාර්ය සාධන වාර්තාවට අනුව, 2023 වර්ෂයට සාපේක්ෂව 13%ක ආදායම් වැඩිවීමක් සිදුව ඇති අතර, එම වසර තුළ ආනයන හා අපනයන බලපත්‍ර 17,010ක් නිකුත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
බලපත්‍ර නිකුත් කිරීමේදී වැඩිම කොටස ජංගම දුරකථන, සන්නිවේදන උපකරණ සහ අනෙකුත් උපකරණ ආනයනය කිරීම හරහා වාර්තා වන අතර, රසායනික ද්‍රව්‍ය, පොහොර, පළිබෝධනාශක සහ කාර්මික අමුද්‍රව්‍ය ආනයනය හා අපනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බවයි සඳහන් වෙන්නේ.
0 Comments