වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේග මන්ත්‍රී නීතිඥ තාරක නානයක්කාරගේ නිවසට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අද අලුයම යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබේ.
මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් කියා සිටියේ.
පොලීසිය පැවසුවේ, අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂව ද ලබාගෙන තිබූ බවය.
වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.
වෙඩිකරුවන් වෙත පොලීසියෙන්ද වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පලාගිය බව පොලීසිය පැවසුවේය.


0 Comments