ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රිකට් තරු රැසක් සහභාගී වන World Championship of Legends පන්දුවාර විස්සයි 20 තරගාවලිය මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙනවා.
එම තරගාවලියේ 8 වන තරගය England Champions සහා South Africa champions කණ්ඩායම් අතර තරගය ඊයේ(24) පැවැත්වුණා.
එහිදී ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අතීතය සිහි ගන්වමින් ඒ.බී. ඩිවිලියර්ස් සුපිරි ඉනිමක් දියත් කළා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් England Champions කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් බිඳ වැටී ලකුණු 152ක් රැස් කළා.
ලකුණු 153ක ඉලක්කයක් හඹා ගිය South Africa champions කණ්ඩායම කිසිදු කඩුල්ලක් බිඳ නොවැටී පන්දුවාර 12 කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් විය.
එහිදී වේගවත් ඉනිමක් දියත් කළ ඒ. බී. ඩිවිලියසඊ පන්දු 57 කදි ලකුනු 116 ක් නොදැවී රැස් කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 7 ක් සහ හතරේ පහරවල් 15 ක් අන්තර්ගත විය.
0 Comments