අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන් හමුවෙයි

 


රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන - රුසියා දේශසීමාව අසලදී සොයා‍ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මගීන් 49 දෙනෙකු සමඟ අතුරුදහන් වූ මෙම An-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම් කරගත් Angara ගුවන් සේවයට අයත් වුණා.

යානයේ ගමනාන්තයට කි.මී. 15ක පමණ දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයකදී යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකිවී ඇති බවයි සඳහන් වෙන්නේ.

රුසියාවේ Tynda වෙත ගමන්ගන්නා අතරතුරදී නැගෙනහිර රුසියාවේ Amur කලාපයේදී රේඩාර් පද්ධතියෙන් මෙම යානය අතුරුදහන්ව තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

මෙම ගුවන් අනතුරින් දිවි බේරාගත් කිසිවකු හෝ පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වැඩිදුරටත් සදහන් වෙන්නේ.


Post a Comment

0 Comments