බත්තරමුල්ලේ සීලරතන හිමිට විශාල අකරතැබ්බයක්! ගුටි පූජාවකින් නූලෙන් බේරෙයි!

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් සඳහන් පරිදි එම ස්වාමීන් වහන්සේට පහරදීමට තැත්කළ බවට පැවසෙන පිරිසක් සම්බන්ධව තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන කටයුතු පැහැර හැරීමක් සිදු කර නොමැති අතර සමථ මූළ මණ්ඩලය මඟින් නොවිසඳේනම් අධිකරණය වෙත යොමු කරන බව දන්වා දෙපාර්ශවයේම කැමැත්ත මත පැමිණීල්ල සමථ කිරීමේ සටහනේ අත්සන් කිරීමෙන් පසු 08.03 වන දින සමථ මූල මණ්ඩලයේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

ඒ අනුව මෙම හිමියන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද වීඩීයෝ පටයේ අඩංගු කරුණු නිවැරදි නොවන බවත් මෙම හිමිනම වෙත අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවත් පොලිසිය පවසනවා.

පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්වෙයි.

කාවන්තිස්සපුර, තිස්සමහාරාමය ප්‍රදේශයේ පිහිටි ධම්මවිජය විහාරස්ථානයේ විහාරාධිපති බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් තමන්වහන්සේට විහාරයේ වැඩ කරන පිරිසක් පහරදීමට තැත්කරන බව පවසමින් 2025.07.26 වන දින සවස තිස්සමහාරාම පොලිස් ස්ථානයට 119 දුරකථන අංකය මඟින් පැමිණිල්ලක් සිදු කර ඇත.

තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් පැමිණිල්ල සටහන් කර ගෙන විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අනුව අනාවරණය වී ඇත්තේ මෙම හිමියන් වැඩ වාසය කරන විහාරස්ථානයේ දොරවල් හා යකඩ ඇඳන් පිළිසකර කිරීම සඳහා තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සම්බන්ධ කරගනිමින් සිදු කරගෙන ඉදිකිරීම් සඳහා ලක්ෂ තුනහමාරක මුදලක් හිමියන් විසින් වැය කර ඇති බවයි.

පැමිණිල්ලට අනුව තවත් රුපියල් 45,000/= ක හිඟ මුදලක් වැඩකරුවන් හට ගෙවීමට ඇති අතර 2025.07.26 වන දින වගඋත්තර පාර්ශවය විහාරයේ වැඩ කිරීම සඳහා විහාරස්ථානයට ගෙන්වා ගත් අවස්ථාවේ වග උත්තර පාර්ශවය හා විහාරයේ විහාරාධිපති හිමියන් අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් එම හිමියන්ගේ පුද්ගලික ලේකම් හට පහරදීමට තැත් කර ඇත.

පහරදීමට පැමිණි බව පැවසෙන පාර්ශවයෙන්ද තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ඇති අතර එහිදී ඔවුන් මෙම විහාරයේ මාස දෙකකට ආසන්න කාලයක් යකඩ ඇඳන් සෑදූ බවත්, එම වැඩ කොටසේ තවත් කොටසක් නිම කිරීමට ඉතිරිව ඇති බවත්, නිම කරන ලද වැඩ කොටසට අදාළව හිඟ මුදලක් ලබා ගැනීමට ඇති බැවින් 2025.07.26 වන දින ස්වාමින්වහන්සේගේ ලේකම් විසින් ලබා දෙන ලද දුරකථන පණිවිඩයකට අනුව හිඟ මුදල් ලබා ගැනීමේ අදහසින් විහාරස්ථානයට පැමිණ ඉතිරි වැඩ නිම කිරීම සඳහා භාණ්ඩ ගෙනවිත්ද යන්න විහාරස්ථානයේ පොඩි ස්වාමින්වහන්සේගෙන් විමසන අවස්ථාවේදී විහාරාධිපති හිමියන් පැමිණ පරුෂ වචනයෙන් වගඋත්තර පාර්ශවයට බැන වැදී පහරදීමට තැත් කළ බව සඳහන් කර ඇත.

තිස්සමහාරාම පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති විසින් දෙපාර්ශයෙන්ම කරුණු විමසීම් සිදු කර දෙපාර්ශවය අතර ආරවුලක් සිදුව ඇති බවට කරුණු අනාවරණය වූ බැවින් මෙහි අපරාධමය චෝදනාවක් නොමැති නිසාවෙන් වග උත්තර පාර්ශවයට අවවාද කොට මින් ඉදිරියට එවැනි ක්‍රියාවක් සිදු නොකරන ලෙසත්, සාමය ආරක්ෂා කළ යුතු බවට දැනුම් දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සමථ මූල මණ්ඩලය වෙත යොමු කර ඇත.

The post බත්තරමුල්ලේ සීලරතන හිමිට විශාල අකරතැබ්බයක්! ගුටි පූජාවකින් නූලෙන් බේරෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EgFIkJU

Post a Comment

0 Comments