කුසල්ගේ හා ජනිත්ගේ ඉනිම් අපතේ යයි! බංග්ලාදේශයට තියුණු ජයක්!


ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (05) සමත්වුණි.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය මේ වනවිට එකට එකක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසුවෙයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූණි.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Parvez Hossain Emon පන්දු 69කදී ලකුණු 67ක්ද, Towhid Hridoy පන්දු 69කදී ලකුණු 51ක්ද රැස්කර ගැනීමට සමත් වුණා.

 arvez Hossain Emon සිය පළමු එක්දින අර්ධ ශතකය වර්තාකර ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්. 

ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 5කට දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් වේගව්ත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කින් ලකුණු 56ක් රැස් කළේය.

මස්ටෆිසූර් රෙහෙමාන් යැවූ පළමු පන්දුවාරයේ පළමු පන්දු 4ට හතරෙ පහර 4ක් එල්ල කළ කුසල් සිය අර්ධ ශතකය පන්දු 20කින් සම්පූර්ණ කළේය.

නිෂාන් මදුෂ්කගේ ඉනිම ලකුණු 17කට සීමා වූ නායක චරිත් අසලංක ලකුණු 6කට සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 33කට දවා ගනිමින් බංග්ලාදේශය යළිත් තරගයට අවතීර්ණ වුණි.

කෙසේ වෙතත් ජනිත් ලියනගේ සහ දුෂ්මන්ත චමීර එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ බලාපොරොත්තු එක් කළේය.

කෙසේ වෙතත් ජනිත් ලියනගේ දැවී යාමත් සමග ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු බිඳ වැටුණි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Tanvir Islam පන්දුවාර 10ක් යවා නිලකුණු පන්දුවාර 2ක් සමගින් ලකුණු 39කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වූ අතර එය ඔහු විසින් එක්දින තරගයක් තුල කඩුලු 05ක් දවා ගත් පළමු අවස්ථාවයි.

 මීට අමතරව Tanzim Hasan Sakib පන්දුවාර 04කුත් පන්දු 5ක් තුළ ලකුණු 34කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. 

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48 පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 232ක් පමණයි.


Post a Comment

0 Comments