අගමැතිනිය සියලු දූ දරුවන්ගෙන් කළ ඉල්ලීම


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සියලු දරුවන්ගේ අදහස් යෝජනා ගෙන, ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ඒ කරුණු වාද විවාද කර එම යෝජනා අදහස් ලැබෙන්නට සලස්වන ලෙස, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (26) රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තුවට සහභාගී වෙමිනි.

“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ සියලු දරුවන්ගේ අදහස් යෝජනා ගන්න, ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ඒ කරුණු වාද විවාද කරලා ඒ යෝජනා අදහස් අපිට එවන්න. අපි කැමතියි ඒ සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුලත් කරන්න.” යනුවෙන් ඇය එහි දී කියා සිටියාය.


Post a Comment

0 Comments