තවත් පුරෝගාමී පියවරක් තබමින්, DFCC බැංකුව මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට සරිලන පරිදි, DFCC Freelancer බැංකු සේවාව යටතේ තවත් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය උපකාරක පන්ති ගුරු වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි බැංකුවක් විසින් බැංකු සේවාවන් රැසක් වෘත්තිකයන්ට හඳුන්වා දුන් පළමු අවස්ථාවයි.
මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රය, රුපියල් බිලියන ගණනක ගනුදෙනු සිදුවන විශාල ක්ෂේත්‍රයක් වන අතර, සිසුන් මිලියන 3කට අධික සංඛ්‍යාවකට සේවා සපයන අතර, දිවයින පුරා ගුරු වෘත්තිකයන් 100,000ක් පමණ සේවයේ නියුක්තව සිටින බවට ඇස්තමේන්තු ගතකර තිබේ. නමුත් බොහෝ උපකාරක පන්ති ගුරු වෘත්තිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන විධිමත් බැංකු සේවාවන්ට ප්‍රවේශවීම සීමා වී තිබුණි.
DFCC බැංකුව, මෙම හිඩැස පුරවමින්, පුද්ගලික ණය වශයෙන් රුපියල් මිලියන 5ක් දක්වා ණය පහසුකම්, දින දහයක් ඇතුලත අරමුදල් නිකුත් කෙරෙන කඩිනම් නිවාස ණය, සහ දිනක් ඇතුලත ලබා දෙන ලීසිං පහසුකම් ඇතුළත් පරිපූර්ණ මූල්‍ය විසඳුම් මාලාවක් ඔවුන්ට හඳුන්වා දී තිබේ. මෙම නව සේවාවේ තවත් ප්‍රධාන ප්‍රතිලාභයක් වන්නේ සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සහිතව උපකාරක පන්ති ගුරු වෘත්තිකයන් සඳහා ලබාදෙනු ලබන DFCC Prestige ක්‍රෙඩිට් කාඩ්පතයි.
මෙම ක්‍රෙඩිට් කාඩ්පතට කිසිදු අයදුම් කිරීමේ හෝ වාර්ෂික සේවා ගාස්තුවක් අය නොකරන අතර, රුපියල් 5,000ට වැඩි සෑම ගනුදෙනුවකටම 1%ක මුදල් ආපසු (Cashback) ලබාදෙනු ඇත. තවද, ඉන්ධන සහ උපයෝගිතා බිල්පත් සේවා සපයන්නන්ට සෘජුවම ගෙවීම් කිරීමේදී අමතර 2%ක මුදල් ආපසු ලැබෙනු ඇත. මීට අමතරව කාඩ්පත් හිමියන්ට රුපියල් 25,000ට වැඩි ගනුදෙනු සඳහා මාස හයක 0% පොලී රහිත Easy Payment Plans පහසුකම් භුක්ති විඳිය හැකිය. එමෙන්ම කාඩ්පත මගින් වසරකට එක් වතාවක් නොමිලේ ලැබෙන ගුවන් තොටුපළ විවේකාගාර සංචාරයක් සහ නැවත ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමේදී නොමිලේ ලැබෙන සංචාරක රක්ෂණ සේවා වැනි වරප්‍රසාද ලබා දෙනු ලැබේ.
තවද මෙම සේවාව යටතේ, DFCC බැංකුවේ DMT (Doorstep Money Transfer) සේවාව හරහා දෛනික ආදායම් එකතු කිරීමේ පහසුකමද ඇතුළත් වේ. එමගින් ගුරු වෘත්තිකයන්ට තම ආදායම්, බැංකු ශාඛාවකට නොගොස් පහසුවෙන් මුදල් තම ගිණුමේ තැන්පත් කිරීමට හැකි වන අතර, වඩාත් කාර්යක්ෂම මුදල් කළමනාකරණයකට ඉඩ සලසමින්, ආරක්ෂිතව මුදල් තම බැංකු ගිණුම්වල තැම්පත් කිරීමේ විසඳුමක් සපයයි.
මෙම නව සේවාව පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බැංකු සේවා සහ ව්‍යාපාර බැංකුකරණ අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ පැවසීය: “අපි DFCC බැංකුව ලෙස බොහෝ දෙනා එතරම් පහසුවෙන් හඳුනා නොගන්නා අවස්ථා සහ වෘත්තිකයන් හඳුනාගත්තා. ඒ උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින කාල වකවානුවකයි. උපකාරක පන්ති ගුරු වෘත්තිකයන්ට සහාය වීමට නිර්මාණය කළ අපගේ Freelancer වැඩසටහන හරහා අධ්‍යාපන සේවා ක්ෂේත්‍රයට මනා පිටුවහලක් වන අතර මෙය ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා ක්‍රියා පිළිවෙල සහ දිගුකාලීන ඉලක්ක පිළිබඳව පුළුල් පරික්ෂාවකින් අනතුරුව සැලසුම් කරන ලද්දක්. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහාය වන පුද්ගලයින්ට ඔවුන්ට ගැලපෙන, වගකිවයුතු සහ ඔවුන් දිරිගන්වන බැංකු සේවා විසඳුම් සැපයීමයි.”
DFCC Freelancer පෞද්ගලික උපකාරක පන්ති ගුරු වෘත්තිකයන් සඳහා වන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා, www.dfcc.lk වෙත පැමිණෙන්න, නැතහොත් 011 2 350 000 අමතන්න.
0 Comments