කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.
කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි පිරිසක් නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.
පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් ඇති අතර පසුව වාහනයෙන් තරුණයින් දෙදෙනා බස්සවා දෙදෙනාටම වෙඩ් තබා ඇති බවයි පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කහවත්ත බුංගිරිය ප්‍රාදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර වෙඩි වැදුණු අනෙක් තරුණයා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමට හේතූව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
0 Comments