හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මේ වනවිට මෙම සැකකාරිය සිය සැමියා ද සමග පදිංචි ස්ථාන සියල්ල අතහැර පලාගොස් සිටින බවද වාර්තා වෙයි.
පොලීසිය පවසන්නේ අනීතිකව කොටස් වශයෙන් ආනයනය කළ රුපියල් කෝටි හතරකට අධික වටිනාකමෙන් යුත් ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාට අලෙවි කිරීමේ චෝදනාව මත මෙම සැකකාරිය සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවයි.
මේ අතර හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(21) විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ.
ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.
0 Comments