අද සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවලට අනිවාර්ය වන නීතිය


අද (01) සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නව නීතිය ක්‍රියාත්මක වන අතර, එය දක්ෂිණ, කොළඹ-කටුනායක, සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු දිවයිනේ සියලුම අධිවේගී මාර්ග සඳහා බලපැවැත්වෙනු ඇති.

මෙම නියමයට අනුකූල නොවන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසියට සහ අධිවේගී මාර්ග බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.


Post a Comment

0 Comments