මීළඟ වසර දෙක තුළ රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට යළි පත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය මුලින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගයෙන් ඉදිරියට යමින් පවතින බවයි චැනල් නිවුස් ඒෂියා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ.
පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ආර්ථික ප්‍රතිසංස්කරණ ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙමින් ඇති බවද, රටක් ආර්ථික අර්බුදයකට මුහුණ දුන් පසු, යළි යථා තත්ත්වයට පත්වී පෙර පැවති මට්ටමට පැමිණීමට වසර හතරක් හෝ පහක් ගතවන බවද, ශ්‍රී ලංකාව පිළිබඳ සැලකීමේදී වසර තුනක් ඇතුළත අපි පෙර පැවති තත්ත්වයට ළඟා වීමට ආසන්නව සිටින බවද මහ බැංකු අධිපතිවරයා පවසා සිටියා.


0 Comments