රනිල් වික්‍රමසිංහ ගැන දැනුවත් කිරීමට එජාප ප්‍රධානීන් අස්ගිරි මහානායක හිමි බැහැදකී.


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අද (26) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක, වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මේ වනවිට ඇති වී තිබෙන වත්මන් තත්ත්වය සහ රට තුළ පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව මහානායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමඟ මෙහිදී ඔවුන් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අවස්ථාව සඳහා පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල ඇතුළු පිරිසක් එක්වී ඇති බව වැඩිදුරටත් සඳහන්.

Post a Comment

0 Comments