රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න බැරි වුණේ වෙන මොකුත් නිසා නෙවෙයි සල්ලි නෑ, ඇයි ඉතින් දූෂිත වැඩ කරලානේ කියන හරිනි.

පහුගිය කාලේ සිදු වූ දූෂිත ක්‍රියා නිසා රටට අහිමි වූයේ රටේ මූලික මහජන අවශ්‍යතා ඉටු කිරීමට තිබූ මුදල් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (28) දින කොළඹ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්.

ඒ අනුව අද දින දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා පළාත් පාලන ආයතන සභිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර වශයෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සභිකයින් දැනුවත් කිරීම සිදු වුණා.

මෙය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

එමෙන්ම මෙම වැඩසටහනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකද සහභාගී වී ඇත.

Post a Comment

0 Comments