රටම කැළඹූ බොරැල්ලේ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි


බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය 23 හැවිරිදි තරුණයා ‘කුඩු චතූ’ නැමැත්තාගේ පාර්ශවයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.

එමෙන්ම වෙඩි ප්‍රහාරය ‘කුඩු දුමින්ද’ගේ පාර්ශවයෙන් එල්ල කර ඇතැයි ද පොලීසියට සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ 23 හැවිරිදි තරුණයා ‘පකඩයා’ නම් කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ‘කුඩු චතූ’ නැමැත්තාගේ මත්කඩු ජාලයේ අයෙක් බවත් මීට දින කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණ සිටි බවත් පොලීසිය පැවසීය.

තුවාල ලැබූ සෙසු පිරිස බොරැල්ල, සිරිසර උයන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 21ත් 23ත් අතර පසුවන්නන්ය.

විදෙස්ගතව සැඟව සිටින ‘කුඩු චතූ’ නැමැත්තාගේ සහෝදරයා සිරිසර උයන ක්‍රීඩාංගණයේ ඊයේ (08) පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගයක සංවිධාන කටයුතු සඳහා මෙම තරුණයින් සමඟ පෙරේදා රාත්‍රියේ අදාළ ස්ථානයට පැමිණ ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩිකරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා මේවන විටත් හඳුනාගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පෙරේදා (07) රාත්‍රී 8.40ට පමණ සිදුවු මෙම වෙඩි තැබීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලැබීය.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

T-56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර 26ක් පමණ එල්ලකර ඇති බව පොලීසිය සඳහන් කළේය. 

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය හා කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු කණ්ඩායම් විමර්ශන සිදුකරයි.

(source – ada derana)


Post a Comment

0 Comments