තුර්කියේ වයඹදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබෙනවා.
එම කම්පනය කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇත.
තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිකුත්කළ නිවේදනයට අනුව එරට වේලාවන් ඊයේ (10) රාත්‍රී 7:53ට මෙය සිදුව තිබේ.
මෙම භූමිකම්පාව බලිකෙසිර් පළාතේ, සින්දිර්ගි නගරය අසලින් කේන්ද්‍රගත වී ඇති අතර භූමිකම්පාව ඇති වූයේ මතුපිට සිට කිලෝමීටර් 10-11ක පමණ නොගැඹුරු ගැඹුරකින්.
භූමිකම්පාවෙන් පසු රික්ටර් මාපකයේ 4.6ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පනයක්ද ඇතුළුව තවත් පසු කම්පන කිහිපයක් ඇති වූ බව තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ ඒජන්සිය (AFAD) තහවුරු කරන්නේ.
සිදු වූ හානිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා නොවන අතර, දැනට එක් අයෙකු මියගොස් ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යර්ලිකායා තහවුරු කර ඇත.
එමෙන්ම තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලි 16ක් පමණ කඩාවැටී තිබේ.


0 Comments