ජනතාව බලයෙන් පරාජය කළා දක්ෂිණාංශික ආණ්ඩුවේ හිටපු නායකයින් සමඟ එක් වූ දක්ෂිණාංශික බලවේගයන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින දෙක තුනක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මුල් කරගෙන ආණ්ඩුව දේශපාලන පළිගැනීමක නිරත වන්නේ යැයි ප්‍රජාතන්ත්‍රවාදය වැළදීමකට රජයේ සූදානම් වන්නේ යැයි ද චෝදනා ඉදිරිපත් කරයි.
ජනතා පරමාධිපත්‍යයා හිමි සර්වජන චන්ද බලය අනුව සියලු බල අධිකාරයන් පත්වීමත්, භාෂනයේ නිදහස,ජනමාධ්‍ය නිදහස හා දේශපාලන පක්ෂ නිදහස පවතින තුරා මෙබඳු අභූත බියක් රජයට විරුද්ධව අවි අමෝරාගෙන ඒමට ජනතාව කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදී නොවේ.
බලයට පත්වන ආණ්ඩුවක් සිය ප්‍රතිපත්ති සහ සිය දේශපාලන උවමනාවන් සඳහා පොලිසිය,හමුදාවේ යොදවා ගෙන ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස පාගා ගත් අවස්ථා මේ රටේ ඉතිහාසයේ මකාදැමිය නොහැකිය.
කෙසේ වෙතත් ජනතාවාදීම ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා දැනට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය තවත් අර්ථවත් කිරීම සඳහා සියලු ජනතාවාදී බලවේගයක් පෙළ ගැසිය යුතුය.
0 Comments