හිටපු රාජ්‍ය ඇමති ලොහාන්ට අසාධ්‍යයි? පැතිර යන කතාවල ඇත්ත නැත්ත මෙන්න!


හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මීට පෙර සැලසුම් කර තිබූ සැත්කමක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

මීට මාස කිහිපයකට පෙර සිට අක්මාව ආශ්‍රිතව පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව සැත්කමකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මේවනවිට එම සැත්කමින් පසු කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

එමෙන්ම, ඔහුගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනපතිවරු කිහිපදෙනෙකුද ඊයේ (08) පෞද්ගලික රෝහල වෙත පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.

එසේම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපතිවරු කිහිපදෙනෙකු පෙරේදා (08) දිනයේ එම පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබෙනවා.

එසේම තවත් ඔහුගේ දේශපාලන මිතුරන් කිහිපදෙනෙකු ද රෝහල වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඔහු අසාධ්‍ය තත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට සමාජ මාධ්‍යවල පැතිර යන පුවත අසත්‍ය බවයි ඔහුගේ සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.


Post a Comment

0 Comments