රතන හිමි සොයා CCDය මුළු රටම පීරයි


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේත් අදත් කොළඹ සහ ඒ අවට උන්වහන්සේ ගැවසෙන ස්ථාන 10කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ත‍ිබෙනවා.

ඒ අතර විහාරස්ථාන සහ නිවාස කිහිපයක්ද වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

ඒ කිසිදු තැනකට උන්වහන්සේ පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී නැති බැවින් ර‍ටින් පළායාමට නොහැකි වන ලෙස විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්නා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට නියමිතයි.


Post a Comment

0 Comments