රනිල්ගෙන් සජිත්ට කොළ එළියක්


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය සමඟ එක් වූ සියලුම පක්ෂ සාමාජිකයින්ට පනවා තිබූ අත්හිටුවීමේ නියෝග ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇතැයි ද එම ප්‍රකාශකයා  පවසනවා.

මෙය විපක්ෂයේ එකමුතුව සදහා ගනු ලබන පළමු පියවර වශයෙන් එජාපය සඳහන් කර ඇතැයි ද වාර්තා වෙනවා.

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට ද මෙම සම්මේලනයට ආරාධනා කිරීමට තීරණය කර තිබෙනවා.

සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සඳහා වන සාකාච්ඡාවක් ඊයේ (31) පෙරවරුවේ පැවැත්විණි.

Post a Comment

0 Comments