ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
සුපිරි සිව්දෙනාගේ තරග වටයේ තරගයක් ලෙස මෙය අබුඩාහිදී පැවති අතර, මෙම ජයත් සමග පාකිස්තානයට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමටද හැකිවිය.
මෙම තරග පාරජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට ඇති හැකියාව ඉතා සීමිත විය.
පාකිස්තානය ජයග්‍රාගී ඉලක්කය පන්දුවාර 18 අවසානයේ කඩුළු 5ක් දැවී පසුකර යෑමට සමත් වුණා.
පාකිස්ථාන කණ්ඩායාම වෙනුවෙන්, සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 24ක් සහ ෆකාර් සමාන් ලකුණු 17ක් රැස් කරා.
එමෙන්ම, මොහොමඩ් හරිස් ලකුණු 13ක් ලබා ගත් අතර, සයිම් අයුබ් ලකුණු 02කට දැවී ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ලකුණු 24කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වූ අතර වනිඳු හසරංග ලකුණු 27කට කඩුළු 2ක් දවා ගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන නායකයා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරා.
ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 08ක් දැවී ලබා ගත හැකිවුනේ ලකුණු 133 පමණයි.
0 Comments