රට පුරා වී මිලදී ගැනීම් සාර්ථකව සිදු කෙරෙන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
ඒ අනුව, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගබඩා 19 ක් විවෘත කර, මේ වනවිට වී අස්වනු මෙට්‍රික් ටොන් 4,200කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
මෙවර වැඩිම වී තොගය අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති අතර, තවත් ගබඩා 80 ක පමණ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
0 Comments