නවතම ඇපල් දුරකථන හා උපාංග මිලට ගැනීමට කොමර්ෂල් බැංකුවෙන් පොලී රහිත ණයක්

 


නවතම ඇපල් උපාංග මිල දී ගැනීමේ අපේක්‍ෂාවෙන් සිටින ගනුදෙනුකරුවන්ට ඒ සඳහා අවස්ථාව උදාකර දීමට කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ඇපල් බලයලත් අලෙවි නියෝජිතයෙකු වන Gnext Store සමග හවුල්කාරීත්වයකට එළඹ ඇත.

මෙම හවුල්කාරීත්වය හරහා ගනුදෙනුකරුවන්ට නවතම iphone, Macbook, ipad  සහ apple watch වැනි උපාංග මිලදී ගැනීමේදී  මුළු පිරිවැයම මූලික ගෙවීමකින් තොරව කොමර්ෂල් බැංකුවෙන් පුද්ගලික ණයක් ලෙස ලබා ගැනීමට හැකිවන අතර එම මුළු මුදල මාස 18ක් ඇතුළත පොලී රහිතව සමාන මාසික වාරික මගින් ආපසු ගෙවා නිම කිරීමේ හැකියාව ඇත. තවද ගනුදෙනුකරුවන්ගේ පහසුව සලකා ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා වේගවත් කර ඇති බව බැංකුව පවසයි.

මෙම ණය පහසුකම සඳහා තවත් වටිනාකමක් එක් කරමින් Gnext Store ආයතනය මෙම ණය ක්‍රමය හරහා  ඇපල් උපාංග මිලදී ගන්නා පළමු ගනුදෙනුකරුවන් 100 දෙනාට නොමිලේ Airpod යුගලයක් පිරිනමනු ලැබේ. තවද Gnext Store ආයතනය විසින් මෙම උපාංග පාරිභෝගිකයින්ගේ නිවසටම ගැනවිත් භාරදෙනු ලබයි.

එමෙන්ම iPhone 16 මාදිලියේ ගැනුම්කරුවන්හට තිර ආදේශන දෙකක්, පසුපස ආවරණ ආදේශන දෙකක් සහ අමතර වසරකින් දීර්ඝ කරන ලද වගකීමක්, එනම් පූර්ණ වශයෙන් වසර දෙකක කාලයක් සඳහා අලෙවියෙන් පසු ආරක්ෂාවක් සහතික කෙරේ.

කොමර්ෂල් බැංකුවේ මෙම හවුල්කාරීත්වය පාරිභෝගිකයින්හට නව්‍ය මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා උසස් තත්ත්වයේ ගෝලීය වෙළඳ නාම සමඟ සම්බන්ධ වීමේ උපාය මාර්ගික ප්‍රවේශය පිළිඹිඹු කරයි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් උපාංග මූල්‍යකරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, වැඩි ගනුදෙනුකරුවන් පිරිසකට ඇපල් නිෂ්පාදනවල ක්‍රියාකාරීත්වය, සැලසුම සහ විශ්වාසනීයත්වය ආදී ගුණාංග සියල්ල මූල්‍යමය පීඩනයකින් තෙරව භුක්ති විඳීමට ඉඩ සලසා දෙන බව බැංකුව පවසයි.


Post a Comment

0 Comments