අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවන වෙනස්කම්


අද දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු එක්වීමේ වැඩි ඉඩක් පවතින බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසා තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (21) පැවති ශ්‍රී ලංකා – පකිස්තාන තරගයේ පූර්ව මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

නිත්‍ය පන්දුයවන්නන් හතර දෙනකුගෙන් ක්‍රීඩා කරන විටට මතුවන ගැටළු සහ පිතිකරන ශක්තිය වැඩිකර ගැනීමේ අවශ්‍යතාව හමුවේ මෙම තීරණය පිළිබඳ සලකා බලන බවයි ඔහු පවසා ඇත්තේ.

“නිත්‍ය පන්දු යවන්නන් හතර දෙනාගෙ පන්දුවාර 16න් පන්දුවාරයක් දෙකක් අසාර්ථක යන දවස් තියෙනවා. අපි දන්නවා මේ ක්‍රීඩාව අනුමාන කරන්න බෑ. අපේ ඉන්න හොඳම පන්දුයවන්නටත් ලකුණු 40 ක් 45 ක් යන වෙලාවක් තියනවා. ඒ වගේ වෙලාවට නායකයෙක් විදිහට මටත් හරිම අමාරුයි තීරණ ගන්න. මම උත්සාහ කරනවා පුළුවන් තරම් සාර්ථක වෙයි කියලා හිතෙන දේවල් කරන්න. නමුත් පිතිකරුවන් ඒ වෙලාවේ ඊට වඩා හොඳ වුණොත් කරන්න දෙයක් නෑ. බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඒ ප්‍රශ්නයටත් විසඳුමක් අරන් එන්න”


Post a Comment

0 Comments