කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතයි.
මෙහි සමාරම්භක වැඩසටහන අද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ වීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
අද ආරම්භ වන සමාරම්භක වැඩසටහනින් පසු, දිවයින පුරා මෙම ජංගම සේවා සතිය ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවද අමාත්‍යාංශය පවසා සිටියා.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ ගැටලු විසඳීම, රැකියා පොළ හරහා රැකියා අවස්ථා ලබාදීම, නීති උපදෙස් සහ මඟ පෙන්වීම ඇතුළු කම්කරු අමාත්‍යාංශයට අයත් බොහෝ සේවාවන් මේ තුළින් ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
0 Comments