රාජිතට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දෙයි

 


'නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට්' නම් ආයතනයට අයත් දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක්, ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 ක මුදලකට බදු දී, වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කොට, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අය අත්අඩංගුවට ගන්නා ලෙස කළ ඉල්ලීමක් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින්, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම විසින් ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව, මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය නම් කර ඇති අතර, ඔවුන් මේ වනවිට ඇප මත මුදා හැර සිටිනවා.

මෙම නඩුව යළිත් ජනවාරි මස 30 වැනිදා කැඳවීමට නියමිතයි.


Post a Comment

0 Comments