වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් රූපවාහිනී සංවාදයකදී තමන්ගෙන් කරුණු විමසීම් නොකරන ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඒ අනුව, සිය වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් පැමිණිල්ලක් යොමු කරන ලෙසත්, ඒවා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට වෙනම ආයතනයක් තිබෙන බවත් ඊයේ (22) දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර ඇත්තේ, දකින දකින කෙනාට පාරේදී මුණගැසී ප්‍රශ්න විසඳීමට නොවන බවද එහිදී ඔහු සඳහන් කළා.
0 Comments