පළාත් සභා ඡන්දයක් ආවොත් මටත් දිනන්න පුලුවන් – නවීන් දිසානායක.


ඉදිරියේදී පළාත් සභා මැතිවරණයක් පැමිණියහොත් එම මැතිවරණයට තරඟ කිරීමෙන් තමාට ජයග්‍රහණය කිරීමට හැකියාව පවතින බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ,  අනුරාධපුර නගරයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

වැඩිඩුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ දෙපළම ඒ ස්ථානවල ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. එතනින් උඩ ඔබතුමාට අහන්න පුළුවන් කවුද නායකයා කියලා. නෑ ඒක අපිට දැන් කතා කරන්න අවශ්‍ය නෑ. දැන් උදාහරණයක් හැටියට පළාත් සභාවක් එනවා නම් මම කැමතියි තරඟ කරන්න මහ ඇමති හැටියට එක ලැයිස්තුවකට. එහෙම තරඟ කරොත් මට දිනන්නත් පුළුවන්.”

මීට අමතරව මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ,

“පක්ෂය ඇතුළේ විවරණයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. මට නායකත්වය උදුරලා ගන්න බෑ.මේ වෙනකොට අපිට නායකයෙක් ඉන්නවා.එතුමත් එක්කත් සාකච්ජා කරලා එතුමා ඉදිරියට යනවද නැද්ද? එතුමා එහෙම යන්නේ නැත්තම් තව නායකයෙක් තෝරාගෙන අපි අතරින් සුහදව, ටීම් එකක් හැටියට තමයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ.”


Post a Comment

0 Comments