රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, අද (09) උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී, රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි ඔහු අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවීමට නියමිතයි.


0 Comments