වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

 


වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙහි, වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු නීතිඥ තාරක නානායක්කාරට මරණ තර්ජනය කිරීමේ චෝදනා මත, වින්දිතයන් සුරැකීමේ පනත යටතේ ලසන්ත වික්‍රමසේකරට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති අතර, එම නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා ඔහු රෝගාතුරව පසුවන බව දන්වා තිබෙනවා.

නමුත්, ඔහුගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, අධිකරණය විසින් ඔහුට වරෙන්තු නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Post a Comment

0 Comments