නේපාලයේ පැවති විරෝධතාවලින් පසුව, එරට අන්තර්කාලීන අගමැතිනිය ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි විසින් නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, නේපාල පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ මාර්තු 21 වැනිදා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මැතිවරණය පැවැත්වෙන තෙක් ඇති මාස 06 ක කාලයක් සඳහා පත් කරන නේපාලයේ නව කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතයි.
හිටපු අගවිනිසුරුවරියක වන සුෂිලා කාර්කි, නේපාලයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම් දෙනු ලැබුවා.
0 Comments