බස් අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණයට බීච් ක්‍රාෆ්ට් යානයක් යොදවයි


ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් යොදාවා තිබේ.

රාත්‍රී කාලයේ මෙම අනතුර සිදු වූ හෙයින් මුදාගැනීමේ කටයුතු පහසු කිරීම සඳහා මෙම යානය යොදවා ඇති බව සඳහන්.

පවතින අන්ධකාරය හේතුවෙන් මුදවාගැනීමේ කටයුතු දැඩි ලෙස වෙහෙසකර වී තිබේ.

මේ වනවිට මුදාගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිද හමුදා සාමාජිකයන් රැසක් අනතුර සිදු වූ ස්ථානය වෙත කැඳවා තිබේ.


Post a Comment

0 Comments