වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට හේතු වුණේ මෑතක ඉඳලා.නමුත් ඒවා ප්‍රසිද්ධ කරන්න නීතියක් තිබුණෙ නෑ.
නමුත් පසුගිය කාලේ ඒවා තොරතුරු වශයෙන් ඕනෑම අයෙකුට ලබාගන්න පුළුවන් කියලා නීතියක් ආවා. ඉන්පසුව මේ අයගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත්වුණා.
ඊට පෙරේ තමන් සිය කැමැත්තෙන්ම Transparent International කියන සංවිධානයේ ඉල්ලීම උඩ මන්ත්‍රීවරුන් දහදෙනෙකු පමණ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කළා සිය කැමැත්තෙන්ම.
දැන් වත්කම් බැරකම් හැමෝගෙම එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ හැමෝටම ඒවා ලැබුණු ආකාරය පිළිබඳව කියන්න පුලුවන්නම්.
මෙතන දැන් තියෙන ප්‍රශ්නෙ මේ පුද්ගලයින් තමන්ට මුදල් ලැබුනේ කොහොමද කියන එක කියන්න පුළුවන් නම් අයතා ක්‍රමයට ලබා ගත්තා කියන ඒ අදහස තුරන් වෙනවා.
ඉතින් ඔය කාරණය වටේ තමයි මේ සාකච්ඡාව කැරකෙන්නේ.
එක එක වෙලාවට එක එක විදිය දේවල් ඔවුන් කියනවා, මට පරම්පරාවෙන් ලැබුණා,මට ව්‍යාපාර වලින් ලැබුණා, නමුත් අපි ඒවා දේශපාලනයට වියදම් කරන්නේ නෑ.
නමුත් අපේ පරණ වාමාංශික නායකයන් ඒගොල්ලන්ගේ සියලු දේපළ වාමාංශික දේශපාලනයට වියදම් කළා.
දැන් අද කියන කතාව තමයි අපි අපේ පුද්ගලික මුදල් වියදම් කරන්නේ නෑ. අපි වියදම් කරන්නේ පක්ෂයෙන් අපිට දෙන මුදල් කියලා.
එහෙනම් ඒ පක්ෂයට තියෙන්න ඕනේ සීමා විරහිත ධනස්කන්ධයක්.
ඒ ගැන කියන්න මම හරියටම දන්නේ නෑ. අපේ දේශීය අධායම් බදු දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිසම ඒවා ලබාගත්තේ කෙසේද කියලා හොයල බලනවද කියලා තාම පැහැදිලි කමක් නැහැ.
මෙතන තියන අනිත් ගැටලුව තමයි මේක කිසි සේත්ම හොයන්න අල්ලස් කොමිසමට වෙලාවක් නෑ. මොකද මේ වෙනකොට එතන පැමිණිලි 6000 කට වැඩි ප්‍රමානයක් තියනවා.
එහෙනම් අපි කලයුත්තේ පාර්ලිමේන්තු කමිටුවක් පත්කරලා මේ ඔක්කොම ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් එම කමිටුව ඉදිරියේ සාකච්ඡා කල යුතුයි. සාකච්ඡා කරලා ඒවා ලැබුනේ කොහොමද ,ඒවා තමන්ගේ සන්තකයට ආවේ කොහොමද , ඒවා ගැන තමන්ට පුළුවන් විස්තර කරන්න. එතකොට ඒ කමිටුවට පුළුවන් නිර්දේශයක් දෙන්න මේ මන්ත්‍රීතුමාගේ , නැත්නම් ඇමතිතුමාගේ වත්කම් පිළිබද සෑහීමකට පත්වෙන කරුණු දැක්වීමක් කළා කියලා.
අනිත් තවත් සමහර ය ගැන අකියන්න පුළුවන් ඒ මන්ත්‍රීතුමා, ඒ ඇමතිතුමා ඔහුට තියන වත්කම් ගැන අපට සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමේ ප්‍රකාශයක් නිකුත් කලේ නෑ, නැත්නම් පැහැදිලි කිරීමක් කලේ නෑ , ඔන්න ඔයටික තමයි කියන්න පුළුවන්. ඒ අනුව තමයි අල්ලස් කොමිසමට කියන්න පුළුවන් වෙන්නේ අර පාර්ලිමේන්තු කමිටුවේ නිර්දේශය පාදක කරගෙන ඊලග පියවර ගන්න.
අපි කවුරුත් දේශපාලනයට එන්න ඕනි පිරිසිදුව. ඒක අපේ පරණ කියමනක්. දේශපාලනයට එන අය එන්න ඕනි පිරිසිදුවයි. ඒ කියන්නේ අයතා මුදල් හම්බකරන්නේ නැතුව. නමුත් මුල ඉදලම අයතා විදියට මුදල් හම්බකරලා තියනවා ඔය දේශපලනයට එන අය. දැන් ඉතින් මේකෙන් වෙන්නේ ඒ අයතා ලෙස මුදල් හම්බකිරීමේ ඒ පුරුද්ධ එක්තරා විධියක නතරකිරීමක් කරන තිරිංගයක් වෙනනවා මේ තොරතුරු විමසීම. ඒක ඉතා හොද තත්වයක් දැන් මේවා එළිපිටම කතා කරලා බලලා කාට කාටත් පුළුවන් තම තමන්ගේ නිගමන වලට එන්න.
දීඝජන්තු.
0 Comments