රටට මත්ද්‍රව්‍ය ගෙන්නන්නේ කවුරුන්ද යන වග ජනතාව දන්නා බවත්, ඒ හේතුවෙන් ඔවුන්ට ‘ගෙදර යාමට’ ද සිදුවූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර විවාදාත්මක තත්ත්වයක්ද හටගත්තා.
එහිදී, සම්පත් මනම්පේරි සිය පක්ෂයේ සිටි බවත්, එය සැඟවීමට දෙයක් නොමැති බවත්, ඔහු වරදක් සිදුකර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා සිටියා.
0 Comments