ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි


දේශපාලන ක්‍රියාකරුවෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු තිදෙනා රඳවා ප්‍රශ්න කිරීම සඳහා කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) අවසර ලබා දී තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනය කළ වෙඩික්කරු කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය පැවසුවේ යුද හමුදාවේ හිටපු සෙබළෙකු වන ඔහු කුලී ඝාතකයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූවත් එම ඝාතනයේ වෙඩික්කරු අල්ලා ගැනීමට පොලිසියට හැකිවුණේ නැහැ.

මේ අතරතුර කෑගල්ල, රංවල ප්‍රදේශයේ වසා දැමු සමාජ ශාලාවක නවාතැන් ලෙන සිටින යුවලක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව වන බවට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට තොරතුරුක් ලැබී තිබු අතර, ඒ අනුව එම ස්ථානය වැටලීමට පොලිසිය පියවර ගත්තා.

ඔවුන් ළග තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් අතර, සමාජ ශාලාවේ හිමිකරුද අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු සන්තකයේ තිබි නීති විරෝධී දුම්වැටි තොගයක් සහ ගජමුතු බවට සැලකෙන ද්‍රව්‍ය පහක් ද පොලිස් භාරයට ගත්තා.

අත්අඩංගුවට ගත් කාන්තාව සමඟ සිටි පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වු අතර, ඩෑන් ප්‍රියසාද් ඝාතනය ද ඔහු විසින් සිදුකළ බවට පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ දික්පිටිගොඩ ලහිරුගේ සහ පලනි රිමෝෂන්ගේ උපදෙස් මත මෙම වෙඩි තැබීම සිදුකළ බවයි.

තමාට ඡායාරූපයක් එවා කොන්ත්‍රාත්තුව භාරදුන් බවත්, යතුරුපැදිකරු විසින් ගිනි අවිය ලබාදුන් බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව හෝ යතුරුපැදිකරු සම්බන්ධයෙන් හෝ තමා කිසිවක් නොදන්නා බවයි ඔහු පවසා ඇත්තේ.

(source – hiru news)

Post a Comment

0 Comments