මන්ත්‍රී වැටුප පොදු ගිණුමකට දමාගෙන NPP නායකත්වය මේ සිදුකරන්නේ මන්ත්‍රීවරුන්ගේ කට වැසීමාද?


මන්ත්‍රී වැටුප ඔවුන් අතට දෙන්නේ නැතුව එම වැටුප NPP එකේ හෝ JVP එකේ පොදු ගිණුමකට දමා ගැනීමට කටයුතු කිරීමත්, එම පොදු ගිණුමෙන් උවමනා ප්‍රමාණයක් පක්ෂ නායකත්වය විසින් ඔවුන්ට ලබා දීම කියන මේ ගනුදෙනු ක්‍රමය නිදහස් මධ්‍යගතවාදයට නොගැලපෙන දෙයක්.

ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ අපට තියන අයිතියක් තමයි අපි හැමෝටම පක්ෂයක් ඇතුලේ අපගේ වෙනස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබීම.  නමුත් ඒ අයිතියත් යම් ප්‍රමාණයකට අහිමිවෙනවා  මේ මන්ත්‍රී වරුන්ගේ සියලු මුදල් පොදු ගිණුමකට දමලා එම පොදු ගිණුම පක්ෂයේ නායකයින් පාලනය කිරීම මගින්. ඔවුන්ට හිමි මුදලින් කොටසක් පමණක් මන්ත්‍රීවරුන්ට දීමට අරගෙන තිබෙන තීරණය ඉතාමත් නරක තීරණයක් ලෙස සදුන්වන්න පුළුවන්.

ඒ වගේම මෙමගින් සමහර අදහස් උදහස් යටපත්කර තැබීම පසුව  NPP එකේ හෝ JVP එකේ දේශපාලනයට මහා ලොකු හානියක් සිදුකරන්න පුළුවන් බවත් ඔවුන් මතක තබගට යුතුයි. 

අපි හැකිතරම් මේ මන්ත්‍රීවරුන්ගේ නිදහස ක්‍රියාත්මක වීමට ඉඩ සැලසිය යුතුයි. නමුත් මින් අදහස් වෙන්නේ නෑ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කෑ ගැසීමට ඉඩ දිය යුතුයි කියලා පාර්ලිමේන්තුවේ හෝ රට ඉදිරියේ.

නමුත් යම් ආකාරයක මුදල්වලින් මන්ත්‍රීවරුන් පාලනය කිරීම නැවැත්විය යුතුයි. එසේ නොවුනහොත් පසුව  NPP එකේ හෝ JVP එකේ දේශපාලනයට මහා ලොකු හානියක් සිදුවිය හැකි බව ඔවුන් මතක තබාගත යුතුයි.

- දීඝජන්තු

Post a Comment

0 Comments