කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි කැනේඩියානු ජාතිකයෙකු වන අතර, ඔහු ඩුබායි සිට අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ පොලිතින් මලු 06 ක් තුළ කුඩා ඇසුරුම් 72 ක හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 යි ග්‍රෑම් 253 ක් සඟවා තිබියදී සොයා ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 18 කට අධික වන බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.
 


 
 
 
 
 
 
 
 
0 Comments