2025 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 40,649 ක් වාර්තා වෙයි


වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 40,649 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ගතවූ සතිය තුළ දිවයින පුරා වාර්තා වූ ‍ඩෙංගු රෝගීන්ගෙන් 50% පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බවයි සඳහන් කළේ.

වසරේ ගතවු කාලය තුළ ඩෙංගු හේතුවෙන් රෝගීන් 22 ක් මියගොස් තිබෙන බවද සඳහන්.

වැසි සහිත කාලගුණය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමේ අවධානමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ.


Post a Comment

0 Comments