2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට


2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (19) සමත් වී තිබෙනවා.

මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ තුන්වැනි තරගය චීනයට එරෙහිව කොළඹ තුරඟ තරග පිටියේදී අද උදෑසන පැවති අතර, එහිදී ලකුණු 34ට 07ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව අපරාජිතව කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහභාගි වන කුසලාන අවසන් පූර්ව තරගය ජපානය සමඟ අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Post a Comment

0 Comments