පුරාවස්තු සොයා කැණීම් සිදුකළ පිරිසක් අත්අඩංගුවට


පුරාවස්තු සෙවීමේ අරමුණින් දියබෙදුම සහ කපුගොල්ලෑව ප්‍රදේශයේ කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, පොළොන්නරුව අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත, ඊයේ (26) අලුයම් කාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, දියබෙදුම පොලිස් වසමේ, නුවරගේයාය ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර, පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ද, කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.‍

සැකකරුවන් අවුරුදු 20 - 43 වයස්වල පසුවන, පුත්තලම හා අත්තනකඩවල ප්‍රදේශයන් හි පදිංචිකරුවන් වන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, ඊයේ දහවල් කාලයේදී හොරොව්පොතාන, කපුගොල්ලෑව පොලිස් වසමේ, දුටුවැව ප්‍රදේශයේදී කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇති අතර, එහිදී ද පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Post a Comment

0 Comments