කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනා ගත් අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දී, නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 06 ක් දැවී ලකුණු 258 ක් රැස් කළා.
ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව ක්‍රීඩාංගණයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, දිගින් දිගටම ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට සිදුවුණා.
ඒ අනුව, දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැඟින් හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.
0 Comments