එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි ?


පක්ෂයේ ඉල්ලීම පරිදි පාක්ෂි­ක­යාගේ අව­ස­රය මත පක්ෂය වෙනු­වෙන් ඕනෑම කැප කිරී­මක් සිදු කිරීමට තමා සූදානම් බව පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්. එම්. මරි­ක්කාර් මහතා පවසයි.

බස්නා­හිර පළාත් සභා­වට තරග වදින ලෙස පක්ෂ­යෙන් ඉල්ලී­මක් කළොත් ඒ පිළි­බ­ඳව සලකා බලන බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ පැවති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සුවේ ය.

වාමාං­ශික කඳ­වු­රට විරු­ද්ධව දක්ෂි­ණාං­ශික කඳ­වුර එකතු විය යුතු බවත් ඒ හරහා දක්ෂි­ණාං­ශික කඳ­වුර ශක්ති­මත්ව නිර්මා­ණය විය යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.


Post a Comment

0 Comments