විපක්ෂය එකට එකතු වෙලා අභියෝග කළත්, අපිට ශක්තිමත් ආණ්ඩුවක් ඉන්නවා - නිලන්ති කොට්ටහච්චි


විපක්ෂයේ කුඩා කුඩා කණ්ඩායම් සියල්ල එකට එකතුවීමට උත්සාහ දරමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසනවා.

එලෙස විපක්ෂයේ කුඩා කුඩා කණ්ඩායම් සියල්ල එකට එකතු වී ආණ්ඩුව සමඟ දේශපාලනික වශයෙන් ප්‍රතිවාදීව ගැටීමට සූදානම් වන්නේ නම්, එය සාධාරණව බැලීමට ආණ්ඩුව සූදානම් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ.

ඔවුන් එලෙස එකට එක්වී ආණ්ඩුවට අභියෝග කිරීමට පැමිණයහොත්, ඔවුන් සමඟ ගැටීමට ශක්තිමත් ආණ්ඩුවක් සිටින බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Post a Comment

0 Comments