පැතුම් නිස්සංකට ලොකු උසස්වීමක්


විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 04වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක අභිෂේක් ෂර්මා සමත් වී තිබෙන අතර, එංගලන්ත ක්‍රීඩක ෆිල් සෝල්ට් දෙවන ස්ථානයේ පසුවෙනවා.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය පිතිකරු තිලක් වර්මා තුන්වන ස්ථානයේ පසුවන අතර, එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් පස්වන ස්ථානයේ පසු වෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් පිතිකරුවන් දෙදෙනෙකුවන කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් පිළිවලින් 09වැනි සහ 17වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.


Post a Comment

0 Comments