ජගත් විතාන මන්ත්‍රීවරයාට තර්ජන තිබෙන්නේ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ අයගේ සහ-සම්බන්ධකම් නිසා - පොලිස්පති


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට පවතින තර්ජන හේතුවෙන් ඔහුට යම් තාවකාලික ආරක්ෂාවක් මේ වන විට ලබාදී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ අනුව, ඔහුට එම තර්ජනය ගොඩනැඟී ඇත්තේ මහජන දේශපාලනය නිසා නොවන බවත්, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ යම් පුද්ගලයන් සමඟ සබඳතා පැවැත්වීම නිසා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ.

තොරතුරක් ලැබුණු පසු පහළ නිලධාරීන් ලවා ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත්, එලෙස විමර්ශන සිදු කරන අවස්ථාවක මන්ත්‍රීවරයා විසින් අදාළ සිද්ධිය දැන ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කිරීමට ද අවශ්‍ය වන බවයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Post a Comment

0 Comments