මාස 10කට පසු භානුක රාජපක්ෂට අවස්ථාවක්


පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග අද  පැවැත්වෙන තරගයට මැදපෙල පිතිකරුවෙකු ලෙස භානුක රාජපක්ෂ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

අවසන්වරට පසුගිය ජනවාරි මාසයේ නවසීලන්තයේදි විස්සයි විස්ස තරගයක් ක්‍ර්‍රීිඩා කර ඇති ඔහු, නැවත කණ්ඩායමට එක්වන්නේ මාස 10කට පමණ පසුවයි.

මේ අතර ආබාධවලට ලක්වූ වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ද හෙට තරගය සදහා ක්‍රීඩා කිරිමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව, නුවන් තුෂාර, එෂාන් මාලිංග සමග දුෂ්‍යන්ත චමීර වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වීමේ හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.


Post a Comment

0 Comments