පොහොට්ටුවෙන් ඉවත් වූ හිටපු ප්‍රබලයින් 20ක් යළි පොහොට්ටුවට


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) ඉවත්වූ හිටපු අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු ඇතුළු 20කට අධික පිරිසක් ලබන ජනවාරි මස නැවතත් එම පක්‍ෂයට එකතු වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඔහු පැවසූයේ, තමන් අනිවාර්යෙන්ම පොදුජන පෙරමුණට එකතු වන බවත්, මේ වන විට පක්‍ෂ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

පසුගිය මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ ප්‍රබලයන් 20කට අධික සංඛ්‍යාවක් තමන් සමඟ සිටින බවත්, ඔවුන් පසුගියදා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සමඟ නාරාහේන්පිටදී පැවැති සාකච්ඡාවටද සහභාගි වී ඇත.

එම පිරිස අතර හිටපු අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ ඇතුළු පිරිසක්ද සිටින බව ඔහු සඳහන් කළේය.

තමන් කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් නොවූ අතර පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්වීමට සුදුසුම තීරණය ගෙන ‘සිලින්ඩරය’ ලකුණෙන් තරග කළ බවත් එම මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ‘පොහොට්ටුව’ ලකුණින් තරග කළ ලැයිස්තුවට වඩා ‘සිලින්ඩරය’ ලකුණින් තරග කළ කණ්ඩායම ප්‍රබල වීම නිසා එකම මන්ත්‍රී ධුරයට පත්විමේ අවස්ථාව ලැබුණු බවත් හෙතෙම පැවසීය.


Post a Comment

0 Comments