2025 වසර අවසන් වන විට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට යන්න පුළුවන් වෙලා තියෙනවා - ජනපති

 


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්

* ආර්ථික බංකොලොත්භාවය නිසා රටට දශකයක් අහිමි කළා.

* 2025 වසර අවසන් වන විට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට යන්න පුළුවන් වෙලා තියෙනවා.

* ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

* අස්වැසුම වැඩසටහන යාවත්කාලීන කර 2026 වසරේ දී එය සමාලෝචනය කිරීමට කටයුතු කරනවා.

* රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමත් සමඟ, ඩිජිටල් ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරනවා.

* 2026 වසරේ දී අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට කමිටුවක් පත් කරනවා.

* 2025 වසරේ සැප්තැම්බර් වන විට ඩොලර් මිලියන 823ක සෘජු ආයෝජන ලංකාවට පැමිණ තිබෙනවා.

Post a Comment

0 Comments